Thursday, September 16, 2010

ටෙල්ෂොප් කථාව

මම අද මගේ ADSL සහ TP බිල ගෙවන්න කියලා හිතාගෙන කුරුණෑගල Teleshop එකට ගියා. ඒක මගේ ඔෆිස් එකට ලග නිසා මම සාමාන්‍යයෙන් බිල් ගෙවන්න යන්නේ එතනටයි. ඉති මම ගියේ දවල් කෑම වෙලාවේ. වෙන වේලාවල් වල එලියට යන්න අවසරත් නෑනේ. මගේ TP බිලත් සෑහෙන්න නැගලා. කරන්න දේයක් නෑ ගෙවන්න වෙනවානේ.

මම යනකොට සෑහෙන්න සෙනග. මට හිතෙන විදිහට 50 ක් විතර .(ඒක Teleshop එකේ හැටියට සෑහෙන ගානක්). වෙනදට ඒ තරම් සෙනගක් එතනට එන්නේ නෑ. ඉති මම එතන තිබුනු එක පෝලිමකට එක් වුනා. එතකොට එතන කවුන්ටරේ හිටපු තරමක් මැදි වයසේ නෝනා කෙනෙක් කියනවා මෙතනට මෙච්චර එන්න එපා බැංකුවකට ගිහින් ගෙවන්න කියලා. බැංකුවේ සෙනග ගැන අපි කොහොමත් දන්නවානේ. ඉතිං එතනට යන්න කවුද කැමති. තමන්ගේ ආයතනය වෙත එන සේවාදායකයින්ට ඇයි මේ වගේ සලකන්නේ.

එතන වැඩි හරියක් හිටියේ කාන්තා නිළධාරිනියන් (වයස අවුරුදු 40 වැඩි) . මම හිතන්නේ එතන මීට වඩා කාර්යක්ෂම කර ගන්න තිබුනා පිරිමි නිළධාරීන් කිහිප දෙනෙකු යෙදෙවිවානම්. (ඒක මට හිතෙන හැටි වැරදි නමි සමාවෙන්න). මට හිතෙන්නේ කාන්තාවන් අවු 30 පැන්නට පස්සේ ටිකක් කාර්යක්ෂමතාවය අඩුවෙනවා වගේ. බැංකුවක උනත් මෙම තත්වය දැක ගැනීමට පුලුවන්.බැංකුවක උනත් වඩා වැඩි වේගයෙන් අදාල කාරිය්ය කරන්නේ පරිමි නිළධාරීන්ය. ඒ නිසා මගේ අදහස වන්නේ ශ්‍රි ලංකාවේ කාන්තාවන්ගේ විශ්‍රාම වයස පිරිමින්ට වඩා අඩු කිරීම ඔවුන්ට මෙන්ම සේවය සලසාගන්නා අයටද උපකාරයක් වනු ඇති බවයි.

සුභ දවසක්

මමත් බොලොග් ලියන්න පටන්ගත්තා. ලියන්න දේවල් හිතාගෙන ඉන්නවා. බලමු ඉස්සරහට මොනවා හරි ලියලත් බෑ. හොද දෙයක් වෙන්නත් එපැයි නේද.